Photovoice as a Method for Understanding Inclusive Infrastructure: Lessons from Sri Lanka

(ලිපිය බාගත කරගන්න)


ද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම් ස්ත්‍රී පුරුෂ භාවයේ දෘෂ්ටිකෝණයකින් විශ්ලේෂණය කිරීම

කතෘ: නිකොලා පයිපර්

Bilateral Labour Agreements Re-Examined from a Gender Perspective: An Interdisciplinary and Intersectional Frameworkද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම් තාවකාලික ශ්‍රම සංක්‍රමණයන් ක්‍රමවත්ව සහ විධිමත්ව පවත්වා ගැනීම සඳහා භාවිතා කරන ජනප්‍රිය සංක්‍රමණ පාලන මෙවලම් ලෙසට පත්ව ඇත. එහෙත්, එවැනි උපකරණ බොහෝ දුරට කාන්තා සහ පුරුෂයින්ට වෙනස්ව සැලකීම සහ මානව හිමිකම් ගැටළු පිළිබඳව නොසලකා හරියි. එමනිසා, ද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම් විවිධ ක්‍රමවේද භාවිතා කරමින් නීතිය, ප්‍රතිපත්ති අධ්‍යයනය, දේශපාලන ආර්ථිකය, ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන සමාජ විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රවලින් අන්තර් විනයානුකූල ස්ත්‍රීවාදී ඉදිරි දර්ශන ඇතුළත් වන ස්ත්‍රී පුරුෂ කාචයකින් විශ්ලේෂණය කිරීම ඉතා වැදගත් වේ. සංක්‍රමණ පාලනය පිළිබඳ පර්යේෂණ ද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම් කාන්ත සහ පුරුෂ සංක්‍රමණිකයන්ට බලපාන ආකාරය විමර්ශනය කිරීමේදී ඉහළ-පහළ සහ පහළ-ඉහළ ප්‍රවේශයන් දෙකම සලකා බැලිය යුතුය.

(ලිපිය බාගත කරගන්න)


ශ්‍රී ලංකාව සහ අනෙකුත් අධිකරණ බල ප්‍රදේශ අතර ද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම්:විවේචනාත්මක නෛතික විශ්ලේෂණයක්

කතුවරුන්: වසන්තා සෙනෙවිරත්න, දර්ශන සුමනදාස, අකලංක තිලකරත්න සහ රනුලි සේනාරත්න

Bilateral Labour Agreements Between Sri Lanka and Other Jurisdictions: A Critical Legal Analysisරැකියා සොයා සංක්‍රමණය වීම සමකාලීන ලෝකයේ සාමාන්‍ය සිදුවීමක් වී ඇති අතර බොහෝ රටවල් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින සහ සංවර්ධිත රටවලින් සංක්‍රමණය වන ශ්‍රමිකයන්ගෙන් ලාභදායී ශ්‍රමය සොයති. මෙම පත්‍රිකාව ජාත්‍යන්තර මානව හිමිකම් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කරන ලද අනෙකුත් අදාළ ගිවිසුම් අනුව තෝරාගත් ද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම්වල විධිවිධාන විශ්ලේෂණය කරන අතර එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය යටතේ අදාළ තිරසාර සංවර්ධන ඉලක්ක සහ ඉලක්කවල අදාළත්වය කෙටියෙන් සාකච්ඡා කරයි. මෙය ප්‍රධාන වශයෙන් සංසන්දනාත්මක උදාහරණ සමඟ ද්විතියික දත්ත භාවිතා කරමින් එම ද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම්හි අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමය අනුගමනය කරන ලද ගුණාත්මක පර්යේෂණයකි. තෝරාගත් ද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම් සංක්‍රමණික සේවකයින්ට අපේක්ෂිත ආරක්ෂාව ලබා නොදෙන අතර ජාත්‍යන්තර මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් ලේඛන යටතේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට සම්පුර්ණයෙන්ම අනුකූල නොවන බව සොයාගැනීම් අනාවරණය කරයි.

(ලිපිය බාගත කරගන්න)


විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන සංක්‍රමණික සේවකයින් පිළිබඳ සමීක්ෂණය: ජීවන සහ සේවා තත්වයන් සහ ආයතනික ආධාරක යාන්ත්‍රණ පිළිබඳ ස්ත්‍රී සහ පුරුෂ සංක්‍රමණික සේවකයන්ගේ අත්දැකිම්

කතුවරුන්: අනෝජි ඒකනායක, කෝපාලපිල්ලෛ අමිර්තලිංගම්, නිකොලා පයිපර් සහ සුනේත්‍රා පෙරේරා

Survey on Returnee Migrant Workers in Sri Lanka: A Gendered Analysis of Living and Working Conditions and Institutional Support Mechanismsමෙම වාර්තාව මගින් 2022 මැයි මාසයේදි විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණි සංක්‍රමණික සේවකයින් පිළිබඳව බස්නාහිර සහ නැගෙනහිර පළාත් වල කරන ලද සමීක්ෂණයක ප්‍රථම අදියරේ ප්‍රතිඵල ඉදිරිපත් කරයි. මෙම සමීක්ෂණයේ මූලික පරමාර්ථය වූයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් ඔවුන් සේවය කරන ලද රටවලදී අත්දකින ලද ජීවන සහ සේවා තත්ත්වයන් පිළිබදව මෙන්ම ඔවුන්ට සහාය වීම සඳහා පවතින ආයතනික ආධාරක යාන්ත්‍රණයන්හි ක්‍රියාකාරිත්වය පිළිබදව පරීක්ෂා කිරීමයි. මෙම සමීක්ෂණය මගින් ද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම් ඔස්සේ නියාමනය වන සංක්‍රමණික කොරිඩෝ දිගේ සංක්‍රමණය වීම අදාල සංක්‍රමණිකයන්ගේ සේවා සහ ජීවන අත්දැකීම් කෙරෙහි ධනාත්මක ලෙස බලපා තිබේද, විශේෂයෙන් කාන්තා සහ පුරුෂ සංක්‍රමණිකයන්ගේ අත්දැකීම් අතර වෙනස්කම් පවතින්නේදැයි සොයා බලන පුළුල් අධ්‍යනයකි. අදාල පරමාර්ථයන් සාක්ෂාත් කර ගැනීම සඳහා, මෙම සමීක්ෂණය පිරිමි සහ කාන්තා සංක්‍රමණික සේවකයන්ගේ ජීවන සහ සේවා තත්වයන් සහ පවතින ආයතනික සහයෝගය පිළිබදව සොයා බලන ලදී.

(ලිපිය බාගත කරගන්න)


ස්වභාවික ව්‍යසන සන්දර්භය තුල සැලසුම් කළ යලි පදිංචිකිරීම: ශ්‍රී ලංකාවට අදාලව

කර්තෘ: රන්මිණි විතානගම, අලිඛාන් මොහිදීන්, දනේෂ් ජයතිලක සහ රජිත් ලක්ෂ්මන්

Planned Relocations following natural disastersව්‍යසනය හේතුවෙන් අවතැන්වීම වින්දිතයින්ට විවිධ ප්‍රතිවිපාක ඇති කරයි. ඔවුන් අත්විඳින කෙටිකාලීන බලපෑම් අධ්‍යයනය කෙරෙහි වැඩි ශාස්ත්‍රීය අවධානයක් යොමු වුවද, දිගු කාලීන බලපෑම් සම්බන්ධයෙන් එවැනි අවධානයක් යොමුවී නොමැත. ආරක්ෂාව නැවත පදිංචි කිරීමේ න්‍යාය පත්‍රයේ මූලික කරුණක් වූවත්, වින්දිතයින්ට ඊට අමතර වූ සංකීර්ණ අවශ්‍යතා රාශියක් ඇත. එම අවශ්‍යතා පරිත්‍යාගශීලීන්ගේ හා රජයේ අරමුණු සමඟ නොගැලපෙනවා විය හැක. මෙම අධ්‍යයනයට පදනම් වන්නේ සුනාමි ව්‍යසනය නිසා ශ්‍රී ලංකාවේ මාතර නැවත පදිංචි කරවූ ප්‍රජාවක් වසර 10 කට පසු අද ජීවත්වන ආකාරයයි. එය පශ්චාත් ආපදා නැවත ස්ථානගත කිරීමේ වැඩසටහනෙන් උගත හැකි පාඩම් තේරුම් ගැනීමට ගත් උත්සාහයකි.

(ලිපිය බාගත කරගන්න)


ශ්‍රී ලංකාවේ දෑවැදි ක්‍රමය මත අවතැන්වීමෙන් ඇති වූ බලපෑම

කර්තෘ: දනේෂ් ජයතිලක සහ කෝපාලපිල්ලෛ අමිර්තලිංගම්

Impact of Displacement On Dowriesයුද ගැටුම්, ස්වභාවික විපත් සහ සංවර්ධන කටයුතු නිසා අවතැන් වූවන්ට සෘජුවම වන හානියට අමතරව ඔවුන්ගේ සංස්කෘතිය හා සමාජය මත ද දුරදිග යන බලපෑම් ඇති කළ හැක. මෙම අධ්‍යයනයේ අරමුණ, සිවිල් යුද්ධය හා 2004 සුනාමිය යන කරුණු දෙක නිසා සිදුවූ අවතැන් වීම නිසා ශ්‍රී ලංකාවේ දෑවැදි ක්‍රමයට වූ බලපෑම ද ඒ හරහා කාන්තා ජීවනෝපායන්ට, පවුල් ජීවිතයට හා සමාජ සම්ප්‍රදායන්ට වූ බලපෑම ද අධ්‍යයනය කිරීමයි. ශ්‍රී ලංකාවේ අවතැන්වීම, ස්ත්‍රී පුරුෂ භාවය හා එහි දෑවැදි ක්‍රමය යන මාතෘකා ගැන විවිධ පත පොත ලියවී ඇතත් අප දන්නා තරමින් ඒ මාතෘකා වල සංයෝගයක් වන ලංකාවේ දෑවැදි මත අවතැන් වීමෙන් වූ බලපෑම කිසිදු අධ්‍යයනයකින් පිරික්සා නැත. මෙම අධ්‍යනය මේ විෂය ගවේෂණය කිරීමට දරන ප්‍රයත්නයකි.

(ලිපිය බාගත කරගන්න)