CMRD අධ්‍යයන ලිපිCMRD අධ්‍යයන ලිපි නොමේරූ විද්වත් අදහස් හුවමාරු කර ගැනීම දිරිමත් කරයි. මෙම ලිපි දැනට නිම වූ හෝ තවමත් ක්‍රියාත්මක වන පර්යේෂණ අධ්‍යයනවල ප්‍රථිපල ඉදිරිපත් කරයි. එනිසා ශාස්ත්‍රීය සඟරා හෝ ග්‍රන්ථ ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර නව අධ්‍යයනයන් පරිශීලනයට අවස්ථාවක් ලැබේ. මෙම ලිපිවල කර්තෘත්වය සාමාන්‍යයෙන් සාමූහිකය, නමුත් ප්‍රධාන ලේඛකයින් නම් කර ඇත. බොහොමයක් ලිපි ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැකි අතර ඇතැම් ලිපි සිංහල හෝ දෙමළ භාෂාවලින් ලබා ගත හැකිය.මෙම ලිපි මාලාව සංක්‍රමණය සම්බන්ධ සියළුම විෂය ක්ෂේත්රයන් කෙරෙහි අවධානය යොමු කරයි. අන්තර් විෂයානුකූල යොමුවකින් ලියවී ඇති මෙම ලිපි CMRD හි සාමාජිකයින්, ව්‍යාපෘති හවුල්කරුවන් සහ ආගන්තුකයින් විසින් රචනා කරනු ලැබේ. ලැබෙන ලිපිවල අන්තර්ගතය ආයතනයේ අරමුණු හා පැහීම සහතික කරනුයේ ප්‍රධාන සංස්කාරක සහ උපදේශක මණ්ඩලය විසිනි. සියලුම පත්‍රිකා පල කරනුයේ ජ්‍යෙෂ්ඨ විද්වතෙකු හෝ දෙදෙනෙකු විසින් අන්ධ සමාලෝචනය, පිටපත් සංස්කරණය, ශෛලිය සකස් කිරීම යන ක්‍රියාවලීන් සම්පුර්ණ කිරීමෙන් පසුවය. CMRD අධ්‍යයන ලිපි විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒවා අන්තර්ජාලය හෝ විද්‍යුත් තැපැල් හරහා ලබා ගත හැකිය.CMRD අධ්‍යයන ලිපි ලැයිස්තුව පහතින්.Finding 'Reasons to Stay' amidst Issues of Well-being: A Case Study of Two Undeserved Communities in ColomboBy: Iresha M. Lakshman, Mohideen M. Alikhan and Abdhullah Azam
|
