චිත්‍ර කතා

ශාස්ත්‍රීය පර්යේෂණ පදනම් වූ චිත්‍ර කතා සංක්‍රමණිකයන්ගේ සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල අත්දැකීම් සහ ඔවුන් මුහුණ දෙන අභියෝග පහදාලීමට කදිම මාධ්‍යයකි. සිත් ඇදගන්නා දර්ශන සහ කථාන්දර තුළින්, සංක්‍රමණ අත්දැකීමේ සංකීර්ණතා පුද්ගලයන්ට, පවුල්වලට සහ ප්‍රජාවන්ට බලපාන ආකාරය ඔබට පහසුවෙන් වටහාගත හැකි අයුරින් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.


මායිම්වල සංක්‍රමණිකයන්

වතුකරයේ සිට කොළඹ වදුල්ලට සංක්‍රමණය වූ අරුණාචලම්ගේ සැබෑ කතාව මෙම පොතේ චිත්‍ර කතා ක්‍රමයට කියයි. කතාවේ අරමුණ වන්නේ නාගරික සංක්‍රමණිකයන් ගැන දැනුම බෙදාගන්නා ගමන් එම සංක්‍රමණිකයන්ටම ආවේනික ජීවිත අත්දැකීම් වෙත ඔබගේ අවධානය යොමු කිරීමයි.

පිටුව



සැමට බිඳුවක්

ප්‍රමාණවත් කළමනාකරණයක් නොමැතිකම නිසා අරුවි වත්තේ පවතින ජල හිඟය පිළිබඳ කතාවයි මේ. රජය සහ වතු කළමනාකාරීත්වය වගකීම භාරගතහොත් වැසියන්ට එක්ව ඔවුන්ට අවශ්‍යව ඇති ජල පද්ධතිය නිර්මාණය කරගත හැකි බව ඉන් යෝජනා කරයි.

පිටුව