ආධාර සැලකිය යුතු බවට පත් කිරීම: දිගුකාලීන අර්බුදයක බහු මානවහිතවාදය

ඔස්ලෝ හි Peace Research Institute (PRIO) සමග හවුල්කාරිත්වයෙන් සිදු කරන ලද ‘ආධාර ගිණුම අධ්‍යයනය’මගින්, ප්‍රජා සහ වෘත්තීය මානව හිතවාදී ආධාර සපයන්නන් විසින් වටහාගනු ලබන සහ පුහුණු කරනු ලබන පරිදි, වගවීම පිළිබඳ සදාචාරාත්මක සහ සමාජීය මිනුම් අනුරූපණය කිරීම, ලේඛනගත කිරීම සහ විශ්ලේෂණය කිරීම ඉලක්ක කරයි. ව්‍යාපෘතිය විසින් සිද්ධි අධ්‍යයන ක්‍රමය සහ සහභාගිත්ව අනුරූපණය, ලේඛන විශ්ලේෂණය, අර්ධ වශයෙන් සැලසුම් කළ සම්මුඛ සාකච්ඡා සහ ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා ඇතුළුව, අනුපූරක ගුණාත්මක ක්‍රම භාවිත කරයි. රටේ උතුරු සහ වයඹ කොටස්වල අවතැන් වූ සහ නැවත පදිංචි කරන ලද ප්‍රජාවන් අතර වගවීම පිළිබඳ සංකල්පීකරණ සහ භාවිතයන් සම්බන්ධයෙන් ප්‍රාමාණික, සංස්ථායික සහ අත්දැකීම් පාදක කොටගත් මිනුම් අධ්‍යයනය කිරීම සඳහා ඒවා යොදාගනු ලැබේ. දැනුම වර්ධනය කිරීම මගින්, ස්ථානගත කිරීම වැඩිදියුණු කිරීම සඳහා වෘත්තීය මානව හිතවාදී ක්‍රියාකරුවන් විසින් දරන ප්‍රයත්නයන්ට සහාය වීමට සහ ඒ තුළින් ආධාර ලබා දීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ව්‍යාපෘතිය තුළින් බලාපොරොත්තු වේ.

ප්‍රජාවන්ට නිවාස ආධාර