සංක්‍රමණ හා සංවර්ධන විෂයන්ට අදාලව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් පුද්ගලයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලය CMRD ආයතනයට මහත් ශක්තියකි.
කැතරින් බන් ඔක්ස්ෆර්ඩ් බෲක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියකි. ඇය සංවර්ධන හා හදිසි පුහුණුවීම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරියයි (CENDEP). කැතරින් මීට පෙර නෝර්වීජියානු විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (NTNU) සේවය කළ අතර ගැටුම් හා ආපදා හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය, මානුෂීයභාවය සහ අවතැන්වීම යන ක්ෂේත්‍රයන්හි ඇය ඉගැන්වූවාය. ඇගේ ප්‍රධාන භූගෝලීය අධ්‍යයන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාව වන අතර එහිදී ඇය අවතැන්වීම සහ ප්‍රකෘතිමත් වීම පිළිබඳව පර්යේෂණ කර ඇත. ඇය 1990 දී එල්ටීටීඊය විසින් උතුරු පළාතෙන් මුස්ලිම්වරුන් නෙරපා හැරීම පිළිබඳ පුරවැසි කොමිෂන් සභාවේ සාමාජිකාවක් වේ. මෑතදී පළ වූ සමහර ප්‍රකාශන අතරට “ස්ථානයක් සොයා ගැනීම, ශ්‍රී ලංකාව තුළ දිග්ගැස්සුනු අවතැන් වීම සහ දේශීය ඒකාබද්ධතාවය” (සමාජ විද්‍යායින්ගේ සංගමය, කොළඹ, 2008), "පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ අවකාශීයකරණය දේශපාලනය. සංස්කෘතිය සහ භූගෝල විද්‍යාව" (2009) සහ "අර්බුදයෙන් පසු ස්ත්‍රී පුරුෂ භාවය: ඉන්දියානු සාගරයේ සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වයන් සහ විසන්ධි කිරීම්" (2013).