සංක්‍රමණ පාලනය කිරීමේ සාධන පත්‍ර වශයෙන් ද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම්: ව්‍යුහයන් සහ ප්‍රතිඵල පිළිබඳ ස්ත්‍රීපුරුෂවාදී විශ්ලේෂණයකි

මෙම පර්යේෂණය ලන්ඩන් හි Queen Mary University සමග හවුල්කාරිත්වයෙන් සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ, සංක්‍රමණයේ ස්ත්‍රීකරණය සැලකිල්ලට ගෙන, ස්ත්‍රීපුරුෂ සමාජභාවී අසමානතාව මෙම ද්විපාර්ශවික කම්කරු ගිවිසුම් මගින් කෙතරම් ප්‍රමාණයකට මර්දනය හෝ උත්සන්න කෙරෙන්නේ ද යන්න නිශ්චය කිරීම පිණිස, ආසියාවේ සංක්‍රමණ දේශ සීමා හරහා කම්කරු සංක්‍රමණය පාලනය කිරීමේ ප්‍රධාන ක්‍රමයක් වශයෙන් ද්විපාර්ශවික කම්කරු ගිවිසුම් (BLA) පිළිබඳ විමර්ශනයක් මෙහෙයවීම වේ. කම්කරු සංක්‍රමණය පාලනය කිරීමේ යන්ත්‍රණයක් වශයෙන් BLA පරික්ෂා කිරීමේ සහ නිශ්චිතවම, ව්‍යුහාත්මක සහ තනි පුද්ගල මට්ටමෙන්, මානව සහ කම්කරු අයිතීන් සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවී සමානාත්මතාව ප්‍රකාර, අංශ හරහා එම ගිවිසුම් ඇතිවන්නේ කෙසේද යන්න තක්සේරු කිරීමේ පුළුල් අරමුණ ඇතිව, විවිධ ගමනාන්ත රටවල් සමග ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යනු ලබන BLA පිළිබඳ සටහන් කර ගැනීමට ව්‍යාපෘතිය ඉලක්ක කරයි. පර්යේෂණ ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලබන්නේ බ්‍රිතාන්‍ය ඇකඩමිය (BA) විසිනි.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථය