අපි කවුද

සංක්‍රමණ පර්යේෂණ හා සංවර්ධන කේන්ද්‍රය (CMRD) ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටා ඇති ලාභ නොලබන සංවිධානයකි (ලියාපදිංචි අංකය GA2648). ආරම්භක සාමාජිකයන් තිදෙනා 2010 දී කේන්ද්‍රය පිළිබඳ මූලික සංකල්පය සාකච්ඡා කොට 2011 දී එම සංකල්පය ක්‍රියාත්මක කලහ. මෙවන් පර්යේෂණ ආයතනයක් සැකසීමට ඔවුන් උනන්දු කරවූ හේතු ගණනාවක් තිබිණි. ඒ අතරින් ප්‍රධාන හේතුන් වූයේ ඔවුන්ගේ විවිධාකාර වූ අත්දැකීම්, කුසලතා කට්ටල වල තිබුණු සුසංයෝගය සහ සංක්‍රමණ විෂය සඳහා වූ කැපවීමයි. ඔවුන් සතු වූ දේශීය හා විදේශීය සබඳතා ජාලයද, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සංක්‍රමණ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමේ අභිලාශයද මෙම ආයතනය පිහිටවීමට බලපෑ අනෙකුත් වැදගත් සාධකයන්ය. මෙම පසුබිම තුළ CMRD ආයතනය දෙස්/විදෙස් ශ්‍රමික සංක්‍රමණය, මිනිස් ජාවාරම, නීති විරෝධී/වංචනික සංක්‍රමණය (trafficking), රටක් නොමැතිව අස්ථිරවීම (statelessness), ආපදාවලින් අවතැන්වීම, සරණාගතයින්, ඩයස්පෝරාව, නැවත පදිංචි කිරීම් වැනි මානව සංක්‍රමණය හා බැඳුනු පුළුල් විෂය පරාසයක පර්යේෂණ කරන විද්වතුන්ට සහ සිසුන්ට තෝතැන්නකි. මෙම කටයුතු හරහා සංක්‍රමණය හා සංවර්ධනය අතර ඇති අන්තර් සම්බන්ධය ලංකාවට බලපාන අයුරු මනාව වටහාගැනීමත් ඒ අවබෝධය හා දැනුම ව්‍යාප්ත කිරීමත් බලාපොරොත්තු වේ.