වෛහරයි ව්‍යාපෘතිය

යාපනයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන් නැවත නැවතත් අවතැන්වීම් අත්විඳ ඇති අතර, එය විවිධ මනෝ සමාජීය ගැටළු වලට මග පාදා ඇත. බොහෝ අවතැන් වුවන් මේ වන විට නැවත පදිංචි වී ඇතත්, ඉතිරිව සිටින අවතැන් වූවන් (මූලික වශයෙන් මිතුරන් සහ නෑදැයින් සමඟ වාසය කරන අවතැන් වුවන්) සහ නැවත පදිංචි පෙර අවතැන් වුවන් තවමත් යුද්ධයේ දිගුකාලීන බලපෑම් නිසා විවිධ මනෝ සමාජීය ගැටලුවලට මුහුණ දී සිටියි. මෙම දිස්ත්‍රික්කවල ප්‍රාථමික සෞඛ්‍ය සේවා පහසුකම් තුළ ඇති මනෝ සමාජීය සහයෝගයේ ඌනතාවයන් නිසා මෙම අභියෝග තීව්‍ර වී ඇත.

මෙම සන්දර්භය තුළ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ආන්තික කණ්ඩායම්වලට සහාය දක්වන දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ෆෙයාමෙඩ් (FAIRMED) ආයතනයේ වෛහරයි ව්‍යාපෘතියේ කොටසක් ලෙස මනෝ සමාජීය ගැටළු පිලිබඳ සොයා බලන අනු වැඩසටහනකට සංක්‍රමණ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (CMRD) හවුල් වී ඇත. ස්ටැන්ලි තෝමස් ජොන්සන් පදනම (STJF) මගින් අරමුදල් සපයන මෙම ව්‍යාපෘතිය, මෙම දිස්ත්‍රික්කවල අවතැන් වූවන් මුහුණ දෙන වර්තමාන මනෝ සමාජීය ගැටළු ගවේෂණය කිරීම සහ දැනට පවතින ප්‍රාථමික සෞඛ්‍ය සේවා පහසුකම් මගින් සපයනු ලබන මනෝ සමාජීය සහයෝගයේ හිඩැස් හඳුනා ගැනීම අරමුණු කරයි.

සංක්‍රමණ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ව්‍යාපෘතියේ පර්යේෂණ සහකරු ලෙස, දත්ත මත පදනම් වූ සෞඛ්‍ය මැදිහත්වීමක් සඳහා සහයෝගය ලබා දෙයි. ක්‍රියාත්මක කිරීමේ පර්යේෂණවල සාමාන්‍ය පරිදි, අපගේ අධ්‍යයනය, ප්‍රශ්න අදුන ගැනීම, දත්ත එකතු කිරීම, විශ්ලේෂණය සහ බෙදා හැරීම වට කීපයකදී සිදු කරනු ඇති අතර එමඟින් අවතැන් වූවන්ට වඩාත් ඵලදායී ලෙස ඔවුන් මුහුණ දෙන මනෝ සමාජීය ගැටලු වලට පපිලියම් සැපයීමට බලාපොරොත්තු වේ. එපමනක් නොව, සංක්‍රමණ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, පර්යේෂණ සහකරු ලෙස, ෆෙයාමෙඩ් විසින් පවත්වනු ලබන මනෝ සමාජීය මැදිහත්වීමේ විවිධ අවධීන්හිදී ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල මැනීම සඳහා සම්මුඛ සාකච්ඡා, සමීක්ෂණ සහ කණ්ඩායම් සාකච්ඡා වැනි පර්යේෂණ උපකරණ භාවිතා කරයි.


A resettled village in Jaffna, 2024.

Vaiharai inception workshop in Jaffna.