ජීවිකාවන් බිඳ වැටීම: විශාල විදුලිබල අත්හිටුවීම් සමග ශ්‍රී ලංකාවේ ජීවත් වීම

අබ්දුල්ලා අසාම් විසින් -14.04.2022

සිල්ලර බඩු වෙළෙන්දකු තම වෙළඳසැල ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් කරයි

විදුලිබල මෙන්ම ඉන්ධන (පෙට්‍රල් සහ ඩීසල්) සහ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟය සමග, 2021 දෙසැම්බර් මස 3 වන දින සිට ශ්‍රී ලංකාව බලශක්ති අර්බුදයකට මුහුණ පාමින් සිටියි. බලධාරීන්ට අනුව, මෙම අර්බුදය ඇති වී තිබෙන්නේ ජල විදුලි උත්පාදනය සඳහා වර්ෂාව නොමැති වීම මත තාප විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන (ගල් අඟුරු සහ තෙල්) සැපයුමක් නොමැති වීම හේතුවෙනි. මෙසේ, ශ්‍රී ලංකාවේ රජයේ පාලනය යටතේ පවතින උපයෝගිතා සැපයුම්කරු වන ලංකා විදුලිබල මණ්ඩලය(ලංවිම) විසින් වටමාරු පදනමක් මත විදුලිබල කප්පාදු කිරීම් පනවා ඇත.

විදුලිබල කප්පාදුව මාර්තු 5 වන විට අවසන් කරන බවට ශ්‍රී ලංකාවේ නායකයන් විසින් එහි ජනතාවට සහතික වී තිබුණ ද, එය දිනකට පැය 4 ක කාල සීමාවක සිට දිනකට පැය 13 ක කාල සීමාවක් දක්වා දීර්ඝ විය; මෙය ලියන අවස්ථාව වන විට එය දිනකට පැය 6.5 ක් ලෙස නියම වී ඇත. සියලුම මට්ටම්වල ජනතාවගේ ජීවිතවලට මින් බලපෑමක් එල්ල වී ඇත. (පසුගිය වසරේ කොවිඩ්-19 නිසා රට වසා දැමීම හේතුවෙන් දැනටමත් ප්‍රමාද වී ඇති) වාර විභාග සහ සාමාන්‍ය පෙළ විභාගවලට මුහුණ දෙන සිසුන්ට රාත්‍රී කාලයේ දී පාඩම් කටයුතු කරගත නොහැක. වයස්ගත පුද්ගලයන් සහ සෞඛ්‍ය ගැටළු සහිත පුද්ගලයන් ද විදුලිය නොමැති දීර්ඝ කාල සීමාවන් තුල දී වෙහෙසට පත්වෙති.

විදුලි කප්පාදු කිරීම් නිසා කුඩා ව්‍යාපාර හිමිකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාරික වේලාවන් කෙටි කිරීමට හෝ කලින් වසා දැමීමට සිදුව ඇත. උදාහරණයක් ලෙස, කොළඹ ඇතැම් වෙළෙන්දන් ඔවුන්ගේ කඩවල් විවුතව තබන්නේ පෙරවරු 8 ට පෙර සහ පස්වරු 2න් පසුව වේ (ඔවුන්ට මෙම වේලාවන් අතර බොහෝ දුරට විදුලිබලය නොමැති හේතුවෙන්). මෙම වෙළෙන්දන්ගෙන් බොහොමයකට විදුලි ජනක යන්ත්‍ර වෙනුවෙන් මුදල් වියදම් කළ නොහැකි අතර විදුලි ජනක යන්ත්‍රවලට භාවිත කරන ඉන්ධන වර්ග දෙක වන, ඩීසල් සහ භූමිතෙල් ලබාගැනීම සඳහා ද මාස කිහිපයක් පුරාවට දිගු පෝලිම්වල සිටීමට සිදුව තිබේ.

ගැස් සිලින්ඩර් හිඟය සහ ඉන්ධන මිල ඉක්වරම ඉහළ යාම සමග, ඇතැම් නාගරික පදිංචිකරුවන් ආහාර පිසීම සඳහා දර භාවිත කිරීමට යොමුවෙමින් සිටිති. නිසි වායු සංසරණයක් නොමැති නාගරික නිවාස තුළ දර භාවිත කිරීම නිශ්චිත වශයෙන්ම දරුවන්ට (ඔවුන්ගේ අවයව තවමත් වර්ධනය වෙමින් පවතී) සහ කාන්තාවන්ට (සාමාන්‍යයෙන් ආහාර පිළියෙළ කිරීම සඳහා වගකිවයුතු වන්නේ මොවුන් නිසා) හානිදායක වේ. එහෙත්, ඉහත දැක්වූ පරිදි, එකල විකල්පය වන්නේ භූමිතෙල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල පැය ගණනාවක් රැඳී සිටීම වේ.

ලැබීමට යෝග්‍ය නොවන ප්‍රජාවන් තුළ ජීවත් වන නිවැසියන්ගෙන් 95% කට නිසි විදුලි සම්බන්ධතාවක් ඇති බව අපගේ මෑතක දී අවසන් කළ මූලික සමීක්ෂණය මගින් පෙන්නුම් කරයි. කොවිඩ්-19 ලොක්ඩවුන් කිරීම් හේතුවෙන්, ලංවිම විසින් මාසික ඉන්වොයිස් පත්‍ර නිකුත් නොකෙරිණි. ඒ වෙනුවට අවසාන ලොක්ඩවුන් කිරීමෙන් පසුව එකවර මුදල් ගෙවන ලෙසට සේවා භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටින ලදී. නමුත් බොහොමයක් මිනිසුන්ට එක්වරම එවැනි විශාල මුදලක් ගෙවීමට නොහැක. මෙම තත්ත්වය නොතකා, ගෙවීමට අපොහොසත් වීම විදුලිය භාවිත කරන්නන් ජාලකයෙන් විසන්ධි කරනු ලැබීමට ද කටයුතු කෙරිණි. මෙම කාරණය වඩාත් දරුණු අතට පත් කරමින්, ජාලකය වෙත නැවත සම්බන්ධ කිරීම සඳහා දැඩි නිලධාරී පාලනයක් හැසිරවීමට සිදුවන සහ විශාල ගාස්තු ගෙවීමට සිදුවන තත්ත්වයක් උද්ගත විය.

එක් වකවානුවක දී, බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා මාර්තු 31 වන දින තෙන් සියලුම වීදි ලාම්පු නොදල්වා තබන ලෙසට අග්‍රාමාත්‍යවරයා විසින් සියලුම පළාත් පාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේ එය ‘ජාතික වගකීමක්’ බව පවසමිනි. නමුත් මෙයින් කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ආරක්ෂාවට බලපෑමක් ඇතිවිය හැකි ආකාරය යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා සිය අදහස් ප්‍රකාශ කරන්නට විය. ඇඟලුම් කර්මාන්තවල, සුපිරි වෙළඳසැල්වල, සාත්තු නිවාසවල ආදියෙහි බොහෝ කාන්තාවන් පිරිසක් රාත්‍රී සේවා මුරවල සේවය කරති. වීදි ලාම්පු ඔවුන්ට ආරක්ෂිතව ගමන් කිරීමට උපකාරී විය හැක. තවද, රටේ පාරවල්, විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ, මද එළියකින් ගමන් කිරීමට ප්‍රමාණවත් තත්ත්වයක නැත. කොළඹ මහනගර සභාවේ යටිතල පහසුකම්වල සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් සිදු කරන ලද අධ්‍යයනයක් තුළින් පෙන්වා දෙන පරිදි, සමස්ත ආලෝකකරණය සම්බන්ධයෙන් හොඳ තත්ත්වයක පවතින බවට අගය කරනු ලැබ ඇත්තේ මෙම ප්‍රදේශයෙන් 52%ක් පමණි. විදුලි බලය සුරැකීම සඳහා බලධරයන් විසින් අවම වශයෙන් සිග්සැග් රටාවට අනුව හෝ වීදි ලාම්පු දැල්විය යුතු ය. ඒ අතරම, සියලු වීදි ලාම්පු සූර්ය බලයෙන් ක්‍රියා කරන ලාම්පු බවට පරිවර්තනය කිරීමට ද අවශ්‍ය වේ.

එමෙන්ම, ජාතික ජාලයට බලපාන දීර්ඝ කරන ලද විදුලි කප්පාදු කිරීම් හේතුවෙන් ජංගම දුරකථන භාවිත කරන්නන්ට ජාලය සමග ඇති සම්බන්ධතාවයන් නිතර බිඳ වැටීම්වලට ලක්වීම අත්විඳීමට සිදුවේ. අඛණ්ඩ සම්බන්ධතාවක් ලබා දීම සඳහා සේවා සපයන්නන් ඔවුන්ගේ මූලික ඒකකවල උපස්ථ බලශක්ති පද්ධති සවි කර ඇති බවට කියා සිටී. කෙසේවුවද, උපස්ථ විදුලි ජනක යන්ත්‍ර මගින් ක්‍රියාකරවිය නොහැකි ඇතැම් කුලුනු පොළවල්වල පවතින සීමා කිරීම් හේතුවෙන් හෝ, ප්‍රමාණවත් උපස්ථ බලශක්ති පද්ධති යෙදවීමට ඇති බාධාවන් හේතුවෙන් රටපුරා වෙසෙන ජනතාවට දුරකථන ඇමතුම් ගැනීමේ දී සහ අන්තර්ජාලය වෙත පිවිසීමේ දී කරදරවලට මුහුණ දීමට සිදුව ඇත.

ජනතාවගේ ජීවිකාවන්ට බාධාවක් නොවන පරිදි, තම ඉල්ලුම් කළමනාකරණ පූර්වකතනවලට අනුකූලව, විදුලිය සැපයීමට ප්‍රමාණවත් සැලසුම් බලධාරීන් විසින් සකස් කර තිබිය යුතු ය. විදේශ විනිමය වෙන් කිරීම් හසුරුවන තැනැත්තන් බලශක්තියේ ප්‍රතිස්ථාපිත ස්වභාවය අවබෝධ කරගෙන ඇති බවක් දක්නට නොලැබේ. ඔවුන් පසුගිය වසරේ මැද භාගයේ දී පාලනය කළ හැකි මට්ටමින් පමණක් විදුලි කප්පාදු කිරීම් (දිනකට පැය 1ක් පමණ) ආරම්භ කර තිබුණේ නම්, අද වන විට ශ්‍රී ලාංකිකයින් මෙවැනි අර්බුදයකට මුහුණ නොදෙනු ඇත. ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් හැකිතාක් ඉක්මනින් බලශක්ති තත්ත්වය ස්ථාවර කළ යුතු වේ. බලශක්තිය නොමැතිව ආර්ථිකයක් නොමැත.

අබ්දුල්ලා අසාම් සංක්‍රමණ පර්යේෂණ හා සංවර්ධන කේන්ද්‍රයේ (CMRD) ව්‍යාපෘති කළමනාකරුවකු මෙන්ම අන්තර්ග්‍රාහී නාගරික යටිතල පහසුකම් (IUI) කණ්ඩායමේ සාමාජිකයකු වේ. IUI යනු, ‘අන්තර්කරණයේ ගමන් පථ කරා: වඩාත් ආන්තික ප්‍රජාව සඳහා යටිතල පහසුකම් කටයුතු සකස් කිරීම’ (ප්‍රදාන යොමු අංකය ES/T008067/1) යන නාමය යටතේ ගෝලීය අභියෝග පර්යේෂණ අරමුදල හරහා එක්සත් රාජධානියේ පර්යේෂණ සහ නවෝත්පාදනය විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතියකි.

මෙම බ්ලොග් සටහන මුලින්ම IUI වෙබ් අඩවියේ පළ කර ඇත.