සැමට බිඳුවක්

අරුවි වතුකරයෙහි අනිසි කලමනාකරණය ජල හිඟයට බලපාන ආකාරය: ජලයෙහි කතාවයි.


එක් උදැසනක ක්‍රිෂ්ණා අවදි වී ඔහුගේ ජල කරාමය විවෘත කළේය. කිසිවක් එළියට පැමිණුනේ නැත. ඔහු අපේක්ෂාභංගත්වයට පත්ව සිටියා! මෙය සිදු වන්නේ ඇයි?


ජල කරාම හරහා ජලය ගමන් කරන බව ක්‍රිෂ්ණා දැන සිටියේය, එය පටන් ගන්නේ ස්වභාවික උල්පතකින් ඒවා ටැංකි තුළ ගබඩා කර තිබුණි...


එය වතුකරයේ කළමනාකරණ කාර්ය මණ්ඩලය විසින් පාලනය කරනු ලබයි. නමුත් ක්‍රිෂ්ණා නොදැන සිටි දෙය නම් ඔහුගේ අසල්වැසියන්ගෙන් අයෙක් ජලය බෙදා හරින්නන් වෙත අල්ලස් ලබාදී ඔවුන්ගේ ජල සැපයුම ප්‍රමුඛස්ථානයට පත්කරගෙන ඇති බවයි...


ක්‍රිෂ්ණාගේ සැපයුම දවස් ගණනාවකට අඩු කරයි.


එබැවින් ඔහු මෙම ගැටළුව සියතට ගැනීමට තීරණය කරයි. ඔහු තමන්ගේ නිවසේ සිට ප්‍රධාන උල්පතට නළයක් සම්බන්ධ කරයි, කිලෝමීටරයක දළ බෑවුමක් ඔස්සේ දිවයයි.


අවසානයේ ක්‍රිෂ්ණා සහ ඔහුගේ පවුලට නැවත ජලය ලැබේ!


...එක්තරා දවසක් ඔවුන්ට එය කල නොහැකි වනතුරු.


ක්‍රිෂ්ණා මඩ සහිත කන්ද නැග නිරීක්ෂණය කිරීමට යයි.


සමහර විට ධාරානිපාත වර්ෂාව හෝ සතෙකු ඔහුගේ ජල සැපයුම කපාහැර ඇතුවා වන්නට ඇත.


සමහර විටක ඔහුගේ අසල්වැසියන් නළය විසන්ධි කොට ඔහුගේ ජලය හොරකම් කර ඇතුවා වන්නට ඇත. ක්‍රිෂ්ණාට තුන්වන සැලසුමක් අවශ්‍යව ඇත.


එබැවින් ඔහු ළිඳක් සහිත පුද්ගලයෙකුගෙන් වතුර මිලදී ගත්තේය. ලිටර 500 කට මිල රුපිලේ 250 කි. ක්‍රිෂ්ණාට ඔහුගේම ළිඳක් අවශ්‍ය වේ. නමුත් එය ඉතා මිල අධික විය.


ඔහුට නුදුරින් ඔහුගේ අසල්වැසියා, කන්නම්මා ජීවත්වේ. කන්නම්මාට ඇයගේම ළිඳක් ඇත. නමුත් එය ලබා ගැනීම නම් එතරම් පහසු වූයේ නැත.


වසර 35ක් පුරා කන්නම්මා ජලය ලබා ගැනීම සඳහා අරගල කර තිබුණි. ඇයටත් කන්දෙන් වතුර ලබා ගැනීම සම්බන්ධව ගැටළු තිබුණි. වතුර බහාලූම් මිලදී ගැනීම ඉතා මිල අධික විය.


එම නිසා ඇය ඇගේ දරුවන් තුන් දෙනාම සෙදීම් සඳහා දියපාර වෙත රැගෙන යයි.


නමුත් ඇගේ බාලම දියණිය ආබාධිත වී සිටියාය. ඇය වැඩෙන විට එය වඩාත් අපහසු විය. සමහර විටෙක ඇගේ ඇවිදීමට නොහැකි දියණිය නෑමක් හෝ නොමැතිව දින 12 ක් පමණ සිටින්නට විය.


එය කන්නම්මාගේ අවසන් තුරුම්පුව විය. ඇගේ වැඩිමහල් පුත්‍රයා ගේ සහයෝගයෙන් සහ යම් විශ්‍රාම මුදලකින්, ඇයගේ ගෙවත්තේ පිටුපස ඇය නල ළිඳක් ඉදිකලාය. එය ඉතා වියදම් අධිකය.


නමුත් දැන් ඇය අසල්වැසියන්ට ජලය විකුණා අමතර මුදලක් උපයා ගනී. ක්‍රිෂ්ණා සහ කන්නම්මා ජීවත්වන වතුකරයේ ඇති තරම් ජලය ඇත, එය සෑම දෙනාටම එක හා සමානව ලැබෙන බව අපි තහවුරු කර ගන්නේ කෙසේද?


අසල්වැසි ප්‍රජාවට විසඳුමක් තිබේ. ඔවුන්ද ජලය පොම්ප කරනු ලබන්නේ ස්වභාවික ජල උල්පතකිනි. එය ටැංකියක තැන්පත් වේ. යම් විශේෂ කාලයහීදී, ඔවුන් අවට ඇති නිවාස 40කට පමණ මෙම ජලය පොම්ප කරයි.


කළමනාකරණ කණ්ඩායමක් මාසික ජල බිල්පත අයකර ගනී. මනු කියැවීමෙන් දූෂණය නවතී.


24 පැයම ජල සැපයුමක් නොමැති වුවද, ජල නාස්තිය අවම වී ඇති අතර සැමට සමානව සැපයුම ඇත. ක්‍රියාකාරී ජල පද්ධතියක් ක්‍රිෂ්ණා සහ කන්නම්මා ගේ ජන සමාජයේද නිර්මාණය කළ හැකිය. රජය සහ වතුකර පරිපාලනය, කළමනාකාරිත්වයේ වගකීමයි ලබා ගන්නේ නම්, ජීවත් වන්නන් සාමූහිකව එය පවත්වා ගැනීමට කටයුතු කරන්නේනම් මෙම ජන ප්‍රජාවේ ජල ප්‍රශ්නෙට අවසානයක් තිබිය හැකිය.