CMRD වෙබ් අවකාශය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සහ ආර්ථික සංවර්ධන රාමුව තුල අභ්‍යන්තර සහ ජ්‍යාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ ජීවිත සහ ජීවනෝපායන් කෙරෙහි බලපාන ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ (අනුභාවික සාක්ෂි මත පදනම් වූ) සැපයීම සඳහා අපි කැප වී සිටිමු.

එමෙන්ම, පර්යේෂණ හැකියාවන් ගොඩ නැගීම සහ අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාකාර­කම්හි නිරත වීම තුලින් ප්‍රතිපත්ති විෂයෙහි වැඩි දියුණුව පිණිස අනුබල දීමට අපි බලාපොරොත්තු වෙමු.

ඇයි ශ්‍රී ලංකාව?

ශ්‍රී ලංකාවේ ඓතිහාසික, යටත් විජිත සහ මෑත අතීතයේ සංවර්ධනය සංක්‍රමණය හා සමීපව බැඳී ඇත. තවද, තිස් වසරක සිවිල් යුද්ධය, 2004 සුනාමි ව්‍යසනය සහ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපාර හේතුවෙන් අවතැන්වීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවට බොහෝ අත්දැකීම් ඇත. එසේම, රැකියා අවස්ථා සොයමින් රට තුළ මෙන්ම රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවයක් ද පසු ගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගී ඇත.

ස්වේච්චාවෙන් හෝ අනෙකුත් හේතුන් මත සිදු වන සංක්‍රමණ පිලිබඳ ගොඩනැගෙන ශාස්ත්‍රීය කතිකාවෙ හි මූලිකත්වය ගැනීමත් ඒ තුළින් හඳුනා ගන්නා පර්යේෂණ සොයා­ගැනීම් ශ්‍රී ලංකාවටත් ජාත්‍යන්තරයටත් ගෙන යාමට CMRD ආයතනය කැප වී සිටී.